ඔසප් වේදනාව සමනයට ව්‍යායාම්

ආර්තව වේදනව සහ ඒ සඳහා කෙරෙන ප්‍රතිකාර පිළිබඳවද අපි පසුගිය සතිවලදී සාකච්ඡා කළා ඔබට මතක ඇති. කාන්තාවකගේ ජීවිතයේ විඳින්නට සිදුවන වේදනා අතරින් ආර්තව වේදනාවටද හිමිවන්නේ විශේෂිත වූ තැනක්. ඊට හේතුව ඔසප් වීම සිදුවීමත් සමඟ ආර්තව වේදනාව අත්විඳ නැති කාන්තාවක් සොයාගත නොහැකි තරම් වීමයි. කෙසේ වුවත් ආර්තව වේදනාවට විවිධ වූ පිළියම් යෙදීම හරහා එම වේදනාව සමනය කරගැනීමේ හැකියාව පවතිනවා.
ආර්තව වේදනාවට ඖෂධමය ප්‍රතිකාරවලට අමතරව ව්‍යායාම මඟින්ද සහනයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
ආර්තව වේදනාවට ලබා දෙන වෙනත් ප්‍රතිකාර පිළිබඳව ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා දැක්වූ අදහස් මෙසේයි.

කාන්තාවකගේ ශ්‍රෝණිය ප්‍රදේශය ලිංගික අවයව පිහිටා ඇති ප්‍රධානතම කොටස වෙනවා. ආර්තවයේදී ව්‍යායාම ලෙස ශ්‍රෝණි ප්‍රදේශයට ලබාදෙන ව්‍යායාම හරහා ආර්තව වේදනාව පාලනය කළ හැකි වෙනවා.
මෙහිදී ශ්‍රෝණිය තදකිරීමේ සහ ශ්‍රෝණිය පැද්දවීමේ ව්‍යායාම ලෙස කොටස් දෙකකට ව්‍යායාම වර්ග කළ හැකියි.

ශ්‍රෝණිය තද කිරීමේ ව්‍යායාමය
මෙම ව්‍යායාමය ආරම්භයේදී උදරය යටට සිටින සේ දිගහැරී බිම නිදා ගැනීම කළ යුතුයි. ඉන් පසුව එම ඉරියව්වේ සිටියදීම අත් දෙක බිම තබා හිස සහ උරස ඉහළට එසවීම කළ යුතුයි. මෙහිදී ශ්‍රෝණි ප්‍රදේශයේ ඇති පේශීන් හොඳින් ඇදෙන්නට සැලැස්වීම කළ යුතුයි.
ඉන් පසු නැවතත් ව්‍යායාමය ආරම්භක ඉරියව්වට ගොස් සැහැල්ලුවෙන් සිටින්න. මෙලෙස මෙම ව්‍යායාමය කිහිපවරක් සිදු කිරීම මඟින් ආර්තව වේදනාව අඩුකර ගැනීමේ හැකියාව පවතිනවා.

ශ්‍රෝණිය පැද්දවීමේ ව්‍යායාමය pms-exesice
ආර්තව වේදනාව අඩුකර ගැනීම සඳහා කෙරෙන දෙවැනි ව්‍යායාමය වන මෙම ව්‍යායාමයේදී උදරය යටි අතට සිටින සේ බිම නිදාගන්න.
ඉන් පසු අත්දෙක පිටුපසට ගෙන දණ හිස නමා දෑත් මඟින් වළලුකර ප්‍රදේශය අල්ලා ගන්න. ඉන් පසු හිස සහ පපුව ප්‍රදේශය බිම නොගෑවෙන සේ ඉහළට ඔසවා ශ්‍රෝණි ප්‍රදේශය පමණක් පොළවේ ගෑවෙන ලෙස හිඳ කිහිපවරක් පැද්දෙන්න.
මෙම ව්‍යායාමය කිහිපවරක් සිදු කිරීමෙන් ආර්තව වේදනාව අඩු කරගත හැකිය. ආර්ත වේදනාව ඉතා තදින් පවතින්නේ නම් වෛද්‍යවරයා විසින් උපත් පාලන පෙති භාවිතයටද උපදෙස් දීම කෙරෙනවා.
ඉන් පසු ඇතිවෙන ආර්තවයේදී ආර්තව වේදනාව 90% කට, පමණම නොමැති වීම දැනගත හැකියි. උපත් පාන පෙති ගන්නා 50%කට පමණ. පෙර ආර්තව ආතතියද (Premenstrual tension) නැති වෙනවා.

අධික ආර්තව වේදනාවේදී වෙනත් කාන්තාවකට ලබාදෙන ප්‍රතිකාර තවත් අයෙක් සඳහා ලබා ගැනීම සුදුසු වන්නේ නැහැ.
pms-exesice.1
ආර්තව වේදනාවේදී පිට කොන්ද ප්‍රදේශය සම්බාහනය (Massage) කිරීම, රස්නය සහිත වතුර බෝතලයක් යටි බඩ ප්‍රදේශයේ තබාගෙන විවේක ගැනීම වැනි ප්‍රතිකාර ද කළ හැකියි.

ආර්තවය හා සම්බන්ධ මිත්‍යා මත ලබන සතියේ
දුමින්ද සම්පත්
(arogya)

0 comments:

Post a Comment