කරන sex එකක් හරියට කරමු

ඒඩ්ස්” කියන්නේ මුළු ලෝකයක්ම එක්ව කතා කරන, එක්ව පිළියම් සොයන තුරන් කිරීමට වෙර දරණ, රෝගයක්. මෙවැනි රෝග ලෝකය පුරාම ප්‍රචලිත වී යන්නේ ඇයි ද යන්න සැඟවුණු කරුණු බොහොමයක් ඇතත්, එවැන්නන් වළක්වා ගැනීමට පියවර ගන්නට බොහෝ උත්සාහදරණ අයුරු ද දක්නට ලැබෙයි.
“මහනුවර රෝහල් පරිශ්‍රයේ තිබෙන ලිංගාශි‍්‍රත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ වෛද්‍ය සමන් ගමගේ මහතා ඒඩ්ස් මර්දන වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු අන්දම විස්තර කළේ මෙසේයි.“
ඕනෑම පුද්ගලයෙක් සමන්විතව තිබෙන්නේ අංශ තුනක් ඒකාබද්ධවයි.
  •      කායික පැවැත්ම
  •      මානසික පැවැත්ම
  •      අධ්‍යාත්මික පැවැත්ම 

ඒ අංශ තුන සමබරව, පිළිවෙලකට පවත්වාගෙන යන තාක්කල් මිනිස්සු කරදරයකට හෝ රෝගයකට හෝ ගොදුරු වන්නේ නැහැ.
යම් හෙයකින් මිනිසුන්ගේ චර්යා රටාව වෙනස් වෙන්නේ, සිත තුළ පවතින චංචල ස්වභාවය මතයි. එය ඇතිවෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ ඕනෑ එපාකම් අනුවයි.
ඕනෑම රෝගයකට වර්තමාන සමාජයේ මිනිසුන් ගොදුරු වන්නේ වැරදි ආහාර රටාව, වැරදි ඇවතුම් පැවතුම් නිසාමයි.
“ඒඩ්ස්” රෝගය පමණක් නොව, සමාජ රෝග රැසකටම මූලික වන්නේ වැරදි චර්යාවන්.
ලිංගිකත්වය කියන්නේ මිනිසාගේ පමණක් නොව සෑම සත්ත්වයෙකුගේම පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක්. එය හැසිරවිය යුතු ආකාරය මනස සමඟ කරන ගණුදෙනුවක් සමඟයි ක්‍රියාත්මක වන්නේ. ඒ නිසයි මානසික හා කායික යහපැවැත්ම සමබර විය යුතු යැයි පුන පුනා කියන්නේ.
වත්මන් ලෝකය නවීන තාක්ෂණයෙන් දියුණු වෙලා. මේ දියුණුව තරුණ වගේම මැදිවියේ කොටස් ප්‍රයෝජනයට ගන්නේ බොහෝම වැරදි ලෙසයි. ඒ හරහා තරුණියන්ගේ, දරුවන්ගේ, මැදිවියේ උදවියගේ විඥානය අවුල් වෙලා. නිදහස් අදහස් ක්‍රමානුකූලව කලට වේලාවට අවශ්‍ය පරිදි ගලාගෙන එන්නේ නෑ. මේ හැමෝම අවශ්‍යතාවය සපුරනවා පමණයි.
දරුවෝ, දෙමවුපියෝ, ලේ නෑදෑයෝ තමන්ගේ කම හඳුනන්නේ නැති තැනට අද පත්වෙලා තියෙන්නේ ඒකයි.
දෙමවුපියෝ අතින් සිය දරුවන් දූෂණය වීම වෛද්‍යවරයෙකුට වළක්වන්න බැරි දෙයක්. නමුත් මනස නිසි පරිදි සැකසීම වෛද්‍යවරයෙකුට කරන්න පුළුවන්. අද සමාජයට අවශ්‍ය වන්නේ එවැනි තත්ත්වයක්.
“රෝග“ වැළැක්වීමට ගත යුතු මූලිකම පියවර “මනස” පාලනය කිරීමට හුරු කරවීමයි. එය නොකර වෙන විකල්ප වෙත යෑමම විහිලුවක්.
දැන් දැන් බොහොමයක් පිරිස් ඔවුන්ගේ සමාජ රෝග පිළිබඳව කරුණු විමසා දැනගැනීමට අප වෙත පැමිණෙනවා. එය බෙහෙවින්ම සතුටුදායි තත්ත්වයක්.
අපගේ අරමුණ පෙර පාසල් දරුවාගේ සිටම පාසල් ළමයි, තරුණයින්, නිලධාරීන් ඇතුලු සමාජයම දැනුවත් කිරිමටයි.
මූලික දැනුවත්වීම් හරහා මනස, මූලික වූ අවශ්‍යතා පිළිබඳ යහපත් ආකල්ප සිතිවිලි ඇති කිරීමෙන් ඒඩ්ස් හා සමඟම සමාජ රෝග අවම කිරිමේ හැකියාව ඇති බව විශ්වාසයි.
සමන්ති වීරසේකර
(arogya)

0 comments:

Post a Comment